ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

March 27, 2025   07:36 am

දේශසීමා උල්ලංඝනය කරමින් නෙදුම්තිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු බෝට්ටුවක් ද සමග නාවික හමුදා භාරයට පත්ව ඇතැයි තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිටි ධීවර වරායට රැගෙන විත් ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.

එමෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.