නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 වනදා සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 වනදා සිට

March 30, 2025   02:41 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

ඒ අනුව බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.