13 ගැන ජනපති ගත් තීරණය සුරේන් රාඝවන්ගේ පැසසුමට
July 29, 2023 09:39 am
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති ගත් තීරණය රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීන්දුවක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.
ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත් රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
එසේම අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවදානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.