දකුණු ඇල්ජීරියාවේ රිය අනතුරකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

දකුණු ඇල්ජීරියාවේ රිය අනතුරකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට

July 19, 2023   05:53 pm

දකුණු ඇල්ජීරියාවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.

මගී ප්‍රවාහන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, අනතුරින් පසු බස් රථය ගිනි ගැනීමකට ද ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.