මහ මඟ තනි වූ මවකගේ කඳුළු කතාව

මහ මඟ තනි වූ මවකගේ කඳුළු කතාව

July 17, 2023   12:53 pm

තම දෙමාපියන්ට නොසලකා හරින දරුවන් පිළිබඳ පුවත් අද සමාජයෙන් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.

එවන් පුවතක් අපට වාර්තා වන්නේ මතුගම ප්‍රදේශයෙනි.

ඒ අනුව පුතා සහ දියණිය විසින් රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කළ දුර්වල තත්ත්වයේ සිටි මවක් මතුගම පොලීසිය මැදිහත්ව රෝහල්ගත කර තිබේ.

දරුවන් සිව්දෙනෙකුගේ මවක් වන ඇය දොඩම්ගොඩ නෑහින්න ප්‍රදේශයේ පදිංචි එක් පුත්‍රයෙකුගේ නිවසේ ජීවත්ව ඇත.

එහෙත් ඊයේ (16) සවස පුත්‍රයා විසින් මව ව ත්‍රීරෝද රථයක නංවා මතුගම යටදොලවත්ත, මහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියගේ නිවස ඉදිරිපිටට ගෙනැවිත් දමා තිබේ.

දියණියට ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් දැනුම් දුන්නද ඇය මවට බැනවැදී නිවසේ දොරවල් වසා දමා නිවසින් බැහැරව ගොස් ඇත.

ඒ අනුව ප්‍රදේශවාසීන් එක්ව අසනීප තත්ත්වයෙන් සිටි මව පිළිබඳ මතුගම පොලීසිය දැවුවත් කොට සුවසැරිය ගිලන් රථයකින් වෑත්තෑව රෝහල වෙත පිටත්කර යවා තිබුණි.

ප්‍රදේශවාසීන් මවගෙන් කළ විමසීමේ දී ඇය මෙලෙස පැවසීය.

"කිහිල්කරුවකින් ගැහුවා බත් ටිකක් ඉල්ලුවහම... හොඳටම ගැහුවා. ඒකයි කකුල අමාරු. පෙරේදා ඉඳලා ලේ යනවා. ලේ නෙමෙයි වතුර යන්නේ. ලේ නෑනේ ඇඟේ... මම කෑ ගැහුවා පුතේ. පළමුදා ගැහුවේ. මුකුත් මම කිව්වේ නෑ. මට බත් ටිකක් දෙන්න කිව්වා."