2023 -2024 වසර සඳහා ජන හා නිවාස සංගණනයක්

2023 -2024 වසර සඳහා ජන හා නිවාස සංගණනයක්

July 11, 2023   06:50 am

‍2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ.

සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදුකෙරේ.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සංගණනයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බවය.  

අදියර 4ක් යටතේ සංගණනයේ කටයුතු සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී අනුර කුමාර මහතා පැවසීය.