රත්තරන් කියා බොත්තම්වලට රැවටුණු තරුණයින් දෙදෙනා

රත්තරන් කියා බොත්තම්වලට රැවටුණු තරුණයින් දෙදෙනා

June 21, 2023   05:03 pm

නිධානයකින් ලබාගත් රත්තරන් විකිණීමට තිබෙන බව පවසමින් වංචනිකව සෑදූ බොත්තම් තොගයක් විකිණූ සිද්ධියක් වාර්තා වෙයි.

ඒවා රුපියල් ලක්ෂ 04ක මුදලකට විකුණා රැගෙන යන අතරතුර අග්බෝපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා මෙම ජාවාරම සිදුකර ඇත.

රත්තරන් ලබාගත් තරුණයින් දෙදෙනා කන්තලේ දෙසට පැමිණෙමින් සිටියදී අග්බෝපුර පොලිස් මුරපොලේදී ඔවුන්ව සොදිසි කර තිබෙන අතර එහිදී මෙම ව්‍යාජ රත්තරන් බොත්තම් තොගය සොයාගෙන තිබේ.

ඒවා පරීක්ෂාකර තරුණයින් දෙදෙනාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුන් පවසා ඇත්තේ, හබරණ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ෆේස්බුක් මගින් හඳුනාගෙන මෙම ගනුදෙනුව සිදුකළ බවය.

සැකකරුවන් දෙදෙනා අද (21) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අග්බෝපුර පොලීසිය විසින් සිදුකරයි.