පොලීසියෙන් ඇල්ලූ ගණිකාවන් කිහිපදෙනෙකුට සමාජ රෝග

පොලීසියෙන් ඇල්ලූ ගණිකාවන් කිහිපදෙනෙකුට සමාජ රෝග

June 10, 2023   01:35 pm

ගණිකා ජාවාරාමේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට සමාජ රෝග වැළඳී ඇති පුවතක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලීසිය විසින් පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී ගණිකා ජාවාරාමේ නිරතව සිටීමේ චෝදනා මත එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම සියලුදෙනාටම සමාජ රෝග වැළඳී ඇති බවය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ජනතාව වෙත දැනුම්දීමක් සිදුකරමින් පවසා ඇත්තේ එම කාන්තාවන් ඇසුරු කළ අයෙකු වේ නම් කඩිනමින් වවුනියාව රෝහල වෙත පැමිණ පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසටය.