චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ව පැහැරගනී

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ව පැහැරගනී

May 5, 2023   07:51 pm

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතා වැලිමඩ නගරයේදී පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී හපුතලේ මාර්ගයේ දමාගොස් සිටියදී අද (05) සොයාගෙන තිබේ.

මොහු පැහැරගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන සහ පැහැරගත් අවස්ථාවේ වාහනය තුළ ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දර්ශන පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබුණි.

පොලීසිය පවසන්නේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.