විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ ෂිෆ්නා අත්අඩංගුවට

විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ ෂිෆ්නා අත්අඩංගුවට

July 3, 2024   03:45 pm

ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දෙමටගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන තිබේ. 

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ෂිෆ්නා නැමැති කාන්තාවක් විසින් ඩුබායි හා කටාර් යන රටවල සුපිරි වෙළෙඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 4, ලක්ෂ 2.5 හා ලක්ෂ 1.5 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 3ක් ලැබී තිබුණි.

එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (02) රාත්‍රියේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමින් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අද දින (03) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.