මෝදි සහ පුටින්ගේ අලුත්ම සැලසුම
සයුරෙන් එතෙර

මෝදි සහ පුටින්ගේ අලුත්ම සැලසුම

July 5, 2024   04:37 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සහ ඔස්ට්‍රියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
එම වාර්තා පෙන්වා දෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි අගමැති මෝදි ජුලි 8 වනදා මොස්කව් වෙත පැමිණෙන බවය.

නායකයන් දෙදෙනා එහිදී දෙරටේ සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සිය රුසියානු සංචාරය අවසන් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි ජුලි 9 සිට 10 දක්වා ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිතය.