පාකිස්තානයේ ඉන්ධන අර්බුදයක්

පාකිස්තානයේ ඉන්ධන අර්බුදයක්

July 5, 2024   04:57 pm

පාකිස්තාන ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය අද (05) සිට රටපුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරන බව පවසා තිබේ.

සිය ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වීම ඊට හේතුව බව වාර්තා වෙයි.

වැඩවර්ජනයට සමගාමීව රට පුරා ඉන්ධන පිරවුම්හල් 13,000කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් නතර කෙරෙනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අලුතින් හඳුන්වාදී තිබෙන බද්දක්  මුල් කරගෙන මෙම අර්බුදය හටගෙන ඇති බවය.