දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

April 29, 2023   08:12 pm

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට අදාළව නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම අනතුරු ඇඟවීම අද (29) පස්වරු 4.00 සිට හෙට (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල කඳුකර, බෑවුම් සහ ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසය.