සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ ඉදිරි අපේක්ෂාව

සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ ඉදිරි අපේක්ෂාව

February 18, 2025   06:17 pm

මේ වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිල් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා,

"මේ වතාවේ මිල වැඩිවීමක් සිදුවන්නේ නෑ. ජනවාරි මාසේ 7 වනදා ඒ වැඩි වීම වුණා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දාලා තියෙන්නේ. වෙනත් වැඩි වීමෙක් මේ වතාවේ වෙන්නේ නෑ." 

"මේ වසරේ සිට රාජ්‍ය සේවයේ වැඩි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. එකෙන් ඵලදායි රාජ්‍ය සේවයක් එතුමා බලපොරොත්තු වෙනවා. වැටුප් වැඩි කිරීමෙන් සේවක තෘප්තිය වැඩි වෙලා අභිප්‍රේරණයෙන් යුතුව රාජකාරි කරන්න එය අපට පිටුවහලක් වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මේ රටේ තියන නීති විරෝධ මත්පැන් සියල්ල මර්ධනය කරන්නත් රජයේ ආදායම වැඩි කරන්න පුළුවන් විදියට රජයේ අනුමත මත්පැන් සහ දුම්වැටි වෙළදාමෙන් අපට ආදායම ලබා ගැන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා."