පාසල් දරුවන්ගේ මව්පියන්ට දැනුම්දීමක්

පාසල් දරුවන්ගේ මව්පියන්ට දැනුම්දීමක්

April 24, 2023   05:38 pm

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දන්වා ඇත.

6 ශ්‍රේණිය සඳහා මෙය අදාළ නොවන බවද එහි සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති බව දන්වා තිබේ.

එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බවද එම නිවේදනයෙන් දැනුම් දී ඇත.