කඳානේ යුවළට අධිකරණයෙන් ලොකු දඩයක්
April 18, 2023 03:06 pm
ඌරු සත්ත්ව ගොවිපෙළක සඟවාගෙන විකිණීමට සුදානම් කර තිබූ ගෝන මස් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි අඹුසැමි යුවළ අධිකරණේ දී වරද පිළිගෙන තිබේ.
අධි ආරක්ෂිත සතෙකු වන අඩි හතරක් සහ අඩි තුනහාමාරක් උසැති ගෝනුන් දෙදෙනකුගේ ගෝන මස් කිලෝ 82ක් නීතිවිරෝධීව ඌරු සත්ත්ව ගොවිපොළක සඟවා ගෙන සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.
අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව ඔවුන්ට මුදලින් රුපියල් ලක්ෂ තුනක දඩයක් හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (18) නියම කළාය.
සැකකාර අඔුසැමි යුවළ සමඟ අධිකරණයට ඉදිරිපත් කළ ගෝන මස් කිලෝ 82 ගිරිතලේ වනජීවී සත්ත්ව රෝහලේ සතුන්ට ආහාර පිණිස ලබා දීමට සුදුසු තත්ත්වයක තිබේ නම් එම සතුන්ට ලබාදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය පොළොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් ඒකකයේ ප්‍රධානී වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්. එම්. කුමාරසිරි විජේකෝන් මහතාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මෙසේ දඩ නියම වූයේ කඳාන, පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචි ඌරු සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකටය.
ආරක්ෂිත සතෙකු වන අඩි හතරක් උසැති සහ අඩි තුනහාමාරක් උසැති ගෝනුන් දෙදෙනකුගේ මස් කිලෝ 82ක් නීතිවිරෝධීව සන්තකයේ තබා ගැනීම, විකිණිමට ප්‍රදර්ශනය කිරීම සහ ගෝනා ඇතුළු වන සතුන්ගේ මස් විකිණීම, නීතිවිරෝධී ව්‍යාපාරයක් අනවසරයෙක් පවත්වා ගෙන යාම යන චෝදනා යටතේ මෙම සැකකාර අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම සැකකාර ඇඹුසැමි යුවළ ඉකුත් 15 වැනි දින අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගර ගත කෙරිණ.
පසුව ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වරද පිළිගනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කෙරුණි.