සයුරෙන් එතෙර
ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ගැන IMF ඉඟියක්
April 12, 2023 04:36 pm
ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ඉන්දීය ආර්ථිකය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පවසා ඇත්තේ මූල්‍ය අංශයේ කැලඹීම්, ඉහළ උද්ධමනය, යුක්‍රේන යුද්ධයේ බලපෑම් සහ කොවිඩ් වසංගතය වැනි එල්ලවූ අභියෝග මධ්‍යයේ වුවද ඉන්දියාව එම තත්ත්වයට පැමිණෙනු ඇති බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන පරිදි ඉන්දියාවේ උද්ධමනය වත්මන් වසරේ සියයට 4.9 දක්වා පහළ යනු ඇති.
එය මීළග මූල්‍ය වසරේදී සියයට 4.4 දක්වා අඩු වනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමූදල පුරෝකථනය කර ඇත.