පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර
March 18, 2023 12:17 pm
සිය ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉතාමත් සාහසික පියවරක් බවය.
යුක්රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා එල්ලකර ඇති බවය.
2022 වසරේ පෙබරවාරි 24 දින රුසියාව, සම්පූර්ණයෙන් යුක්රේනය ආක්‍රමණය කළ දින පටන් යුද අපරාධ සිදුකළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වෙයි.
කෙසේවෙතත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදරන බැවින් මෙම වරෙන්තුව ක්‍රියාවට නැංවිය නොහැකි බව වාර්තා විය.
නමුත් රුසියානු ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හැකියාව පවතින බව සඳහන් ය.
ඒ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරණ රටක සංචාරය කරන අවස්ථාවක ජනපති පුටින් අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.
මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙම පියවර හඳුන්වා ඇත්තේ ඓතිහාසික වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් ලෙසටය.