පොලිස් ජීප් රථයේ අසභ්‍ය වැකි ලියා ගිහින්

පොලිස් ජීප් රථයේ අසභ්‍ය වැකි ලියා ගිහින්

March 1, 2023   10:11 am

පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජීප් රථය සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් ජා-ඇළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ජීප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජීප් රථය සෝදා පිරිසිදු කිරීම සඳහා පෙරේදා (27) පොලිස් ගරාජයේ නවතා ගොස් තිබුණි.

පසුව ඔහු යළි පැමිණි අවස්ථාවේදී ජීප් රථයේ ඉදිරිපස සහ දොරවල්වල අසභය වැකි ලියා ඇති අයුරු දැක තිබේ.

ජීප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව සුරා අලාභහානි සිදුකර ඇති බවද පැවසෙයි.

මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුළු නොවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් එම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.