චන්ද්‍රිකා මෛත්‍රී ට දෙහි කපයි
February 26, 2023 02:44 pm
වර්තමානයේ රට තුළ වැඩකළ හැකි දේශපාලනඥයින් අල්ප බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.
ඇය පෙන්වාදෙන්නේ තරුණ ජවය සහිත දේශපාලනඥයින් රටට අවශ්‍යම කාලය එළඹ ඇති බවය.
අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම අදහස් පළ කළාය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලා ට මම භාරදීලා ගෙරදර ගිය කාලේ ඉඳන්ම කෑවා පක්ෂය. ඊළඟට සිරිසේනට භාරදුන්නා ගෙනල්ලා. මදැයි කෙරුවා. ඔයගොල්ලෝ මට ගහන්නේ නැති එක පුදුමයි. ඇයි මොකෙක්වත් නැති හින්දා අරූව පන්නන්න මූ ගෙනාවා... මූ ඊට වැඩිය අන්තයි. තනතුරු හම්බුණාම මෙහෙම පිස්සු වැටෙයි කියලා කොහොමද දන්නේ. ඒ මිනිහා රටත් කෑවා පක්ෂෙත් කෑවා. අපි ඔක්කොම කෑවා. ඊට පස්සේ අපි කිව්වා කියලා රාජපක්ෂලා එකක් තවදුරටත් යන්න එපා අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉඳලා ගොඩනගලා ගමු ආයමත් එහෙම කිව්වා කියලා මාව පැන්නුවා පක්ෂයෙන්. ඊට පස්සේ 40 ගාණක් පැන්නුවා. තව කොටසක් මූ එක්ක ඉන්න බෑ කියලා අස්වෙලා ගියා. මට නම් මිත්‍රිවරුණී සියල්ලට වඩා ප්‍රධාන වෙන්නේ රට. නමුත් මගේ පක්ෂය බාධාවක් නම් රට ඉදිරියට යන්න මට පක්ෂයත් අමතක කරන්න වෙනවා. පක්ෂය හිටපුවාවෙයි කියලා අපිට පුළුවන් එකක් එක්ක වැඩේ කරනවා."