ඩොලර් මිලියන 2ක සෞඛ්‍ය ආධාර
May 24, 2022 12:59 pm
ශ්‍රී ලංකාව මුහුණදී ඇති ඖෂධ හිඟය මඟහරවා ගැනීමට සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදුවූ හමුවකදී මේ බව දැනුම්දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2 ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය මෙම හමුවේදී ප්‍රකාශ කරනු ලැබීය.
එසේම ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බවද ආචාර්ය අලාකා සිං මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අලාකා සිං මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවට මෙම අර්බුධය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අලාකා සිං මහත්මිය එහිදී වැඩිදුරටත් සදහන් කළේය.