
දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර බස් නැවතුම් පොලේ දෛනිකව සිදුකෙරෙන බස් රථ ගමන්වාර සංඛ්යාව 60 කට අධිකයි.
මේ සෑම ගමන් වාරයක්ම ආරම්භ කරන්නේ, කප්පම් ලබාදීමෙන් බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.
එම ස්ථානයට යන අපට එය තහවුරු කරගැනීටම වැඩි වේලාවක් ගතවූයේ නැත.
එක් ගමන් වාරයකින් කම්පම්කරුවන් ලබාගන්නා මුදල රුපියල් 200ක්.
එම ස්ථානයේ ක්රියාත්මක වන්නේ එක් කප්පම්කරුවෙකු නොවේ.
මෙම කම්පම් ගැනීම මාතරට පමණක් සීමා වූවක් ද නොවේ.
සෑම ප්රධාන බස් නැවතුම්පොළකම පාහේ මෙවැනි සිද්ධීන් වසර ගණනාවක සිට ක්රියාත්මක වෙයි.
බස් රථවලින් කම්පම් ගැනීම වැලැක්වීමට ප්රවාහන අමාත්යාංශය, පොලිසියට හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ගෙන ඇති පියවර මොනවා ද?
සමාජය ඉදිරියේ අමු අමුවේ සිදුවන මෙවැනි මුදල් ගසාකෑම් නවත්වන්නේ කවදා ද?
මේ පිළිබද අද දෙරණ උකුස්සා අවධානයෙන්...



















































