header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ කෙටුම්පතට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිර්දේශ 9ක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ කෙටුම්පතට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිර්දේශ 9ක්
Mobitel 1278

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ ප්‍රතිත්‍රස්ත පනතේ පැවති අඩුපාඩු රැසක් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහිද අන්තර්ගත බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඔවුන් ඒ බව අවධාරණය කරන්නේ පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන නිර්දේශ 9ක්ද ඉදිරිපත් කරමිනි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ, රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත, අත්තනෝමතික ක්‍රියා සහ වෙනස්කම් වැළැක්වීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ නීති ප්‍රතිපත්තිවලට අනුකූලව සකස් විය යුතු බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ ප්‍රති ත්‍රස්ත පනතේ පැවති අඩුපාඩු රැසක් යෝජිත පනත් කෙටුම්පතේද ඇතුළත් බව එමගින් දක්වා ඇත.

මේ හේතුවෙන් පනත් කෙටුම්පත බලාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ පරිපූර්ණ සමාලෝචනයක් කරන ලෙසත් එම කාර්යාලය රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.

ඒ සඳහා ස්වාධීන ආයතන, සිවිල් සංවිධාන හා නීති විශාරදයින් වෙතින් අදහස් ලබාගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව එමගින් යෝජිත පනත් කොටුම්පත සංශෝධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ 9ක්ද එම කාර්යාලය නිකුත් කර තිබේ.

01. ත්‍රස්තවාදයට අදාළ වැරදි සඳහා ලබා දී ඇති නිර්වචන නිශ්චිත සහ පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කිරීම, අදහස් ප්‍රකාශ කිරීම සහ සිවිල් ක්‍රියාකාරකම් සඳහා වූ අයිතීන් අපරාධ ක්‍රියා බවට පත් කළ හැකි වගන්ති කැපීපෙනෙන ලෙස සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම

02.  සෑම අත්අඩංගුවට ගැනීමක් හා රඳවා ගැනීමක් පමාවකින් තොරව ස්වාධීන සහ ක්‍රියාකාරී අධිකරණ අධීක්ෂණයකට යටත් කිරීම

03.  වධහිංසා, පීඩා, අත්තනෝමතික රඳවා ගැනීම් සහ බලහත්කාර අතුරුදන් කිරීම්වලට එරෙහිව ආරක්ෂණ ශක්තිමත් කිරීම

04. නිසි ක්‍රියාවලින් සහ සාධාරණ නඩු විභාග සහතික කිරීම

05.  ආගන්තුක පරීක්ෂා, ඇතුළු වීමේ සහ පවරාගැනීමේ බලතල සඳහා අධිකරණ වරෙන්තු නීතියක් බවට පත්කිරීම

06.  සිවිල් පොලිසියක් සඳහා වූ ප්‍රමුඛත්වය සහතික කිරීම

07. ස්වාධීන අධීක්ෂණ, වගවීම් සහ පිළියම් සාධනීය ලෙස ස්ථාපිත කිරීම

08.  මුක්තියට අදාළ වගන්ති නිශ්චිත ලෙස ඉදිරිපත් කිරීම

09. කෙටුම්පතට අදාළ ඉදිරි ක්‍රියාමාර්ගවලට පෙර අර්ථවත් මහජන අදහස් විමසීමක් සිදුකිරීම

එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ අර්ථ දැක්වීම සැබැවින්ම ත්‍රස්තවාදී ස්වභාවයක් සහිත සිතාමතා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස නිශ්චිතව දැක්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

පනත් කෙටුම්පත මගින් "රහස්‍ය තොරතුරු" ලෙස අර්ථ දක්වා ඇති කරුණු ජනමාධ්‍ය මූලාශ්‍ර සහ නීති වෘත්තියේ වරප්‍රසාද ආරක්ෂා කිරීම ඇතුළත්ව නිශ්චිතව අර්ථ දැක්විය යුතු බවත් එමගින් නිර්දේශ කෙරේ. 

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ