උඟුලක හිර වුණ තවත් කරදරකාරයෙක්
October 8, 2018 12:30 pm
පසු ගිය දින කීපයේ දි බුත්තල ගෝනගංආර ප‍්‍රදේශයේ ජනයා වෙත වරින් වර පැන සපා කන ලද දැවැන්ත දිවියෙකු අද (08) වනජීවි නිලධාරින් විසින් උගුලක් අටවා අල්ලා ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.
යාල අංක 03 කළාපයට අයත් මයිම් ගමක් වන ගෝනගංආර බුත්තල කතරගම මාර්ගයේ නිතර මෙම කොටියා සැරිසරමින් යන එන යතුරු පැදිකරුවන් වෙත කඩා පැන තුවාල සිදු කිරීම් 03 සිදු කර තිබේ.
යකඩවලින් තැනු කුඩුවක් මඟින් මෙම දැවැන්ත දිවියා අල්ලා ගැනීම වනජිවී නිලධාරින් විසින් සිදු කර අල්ලා ගත් කොටියා උඩවලව ජාතික වන උද්‍යානය වෙත මුදා හැරීමට වනජීවි නිලධාරින් කි‍්‍රයා කරනු ලැබීය.
මෙම දිවියා ඇල්ලීම වනජීවි අධ්‍යක්‍ෂක ජේනරාල් එම්. ජී. සී. සුරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත ඌව හා දකුණු පළාත් බාර වන ජීවි සහාකාර අධ්‍යක්‍ෂක ප‍්‍රසනත් වීමලදාස මහතාගේ මෙහොයවීමෙන්, මධ්‍යම හා ඌව පළත් වනජිවි පශූවෛද්‍ය ආන්නද ධර්මකිර්ති මහතා විසින් මෙම කොටියා අල්ලා ගැනීම සිදු කරනු ලැබීය.