කොල්ලකෑමකට සැකපිට පොලිසියේ 3ක් අත්අඩංගුවට
August 21, 2018 09:47 am
පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන එකකයේ සේවය කළ පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අද (21) උදැසන අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදැසන කළුතර පාලම අසල දි පොලීස් විශේෂ බලකායේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදි මෙම නිළදාරින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුනසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් නිලධාරින් තිදෙනා කොළඹ සංවිදානාත්මක අපරාද විමර්ශණ එකකය වෙත භාර තිබේ.