සුළඟින් කඩාවැටුනු බෝධිය චිතකයේ ආදාහනය කළ දුර්ලභ පිංකම 

සුළඟින් කඩාවැටුනු බෝධිය චිතකයේ ආදාහනය කළ දුර්ලභ පිංකම 

August 13, 2018   03:06 pm

ගාල්ල-ලබුදුව ප්‍රදේශයේ පිහිටි විජයාරාම විහාරස්ථානයේ වසර 69ක් පමණ ඉපැරණි බෝධීන් වහන්සේ පසුගියදා හමාගිය සුළඟකින් කඩා වැටී තිබේ.

බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවූ බෝධීන් වහන්සේ දර්ශනීය චිතකයක දමා ගරු බුහුමන් සහිතව ලබුදුව මහජන ක්‍රීඩාංගනයේදී ආදාහනය කිරීම සිදුකෙරුණි

ඊයේ(12) සවස මෙම ආදාහන උත්සවය පැවැති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.  

මෙම දුර්ලභ පිංකමට ගිහි පැවදි විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.