දැරිය අපයෝජනය කළ කෝප්රල් වසර 81ක් රිමාන්ඩ්
December 19, 2013 02:53 pm
බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වු හිටපු හමුදා කෝප්රල්වරයෙකුට වසර 81ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් මෙම දඬුවම ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකාර හිටපු හමුදා කෝප්රල්වරයා අදාළ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
ඒ අනුව ඔහුට වසර 81 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් හත් දහස් පන්සියයක දඩයක් විනිසුරුවරිය විසින් නියම කර ඇති බව සඳහන් වෙයි
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර හයක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.