දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026   06:21 am

මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. 

ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ජනාධිපති ට්‍රම්ප් ඊයේ (17) මෙම ගිවිසුමට අත්සන් තැබූ බව අමෙරිකානු නිලධාරියෙක් තහවුරු කර ඇති බව විදෙස් පුවත් පවසයි.

මේ අතර,  මාලිගයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතමින්, "මම ඊට දැන්ම අත්සන් කළා" යැයි පැවසීය.