හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026   09:49 am

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ  පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි. 

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීමට නියමිත අතර  වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහාරශී හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතව තිබේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර ,එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන  සහ නීතිපතිවරයා නම් කර තිබේ.