කඩා වැටුණු ජීවිත නඟාසිටුවන්න සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ආදරණීය උදව්වක්
December 11, 2025 02:48 pm
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට සයිප්‍රසයේ, පාපොස් නගරයේ සිටින ශ්‍රී ලංකාකිකයින් පිරිසක් පරිත්‍යාගයක් සිදුකර තිබේ.
දුක් සෝ සුසුම් මැද ජීවිත අරගලයක යෙදී සිටින අපේම මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීමේ අරමුණින් මෙම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු එකතු වී පසුගිය දා රු මිලියනයක මුදලක් මෙලෙස පරිත්‍යාග කර ඇත.
‘Rebuilding Sri Lanka’අරමුදලට පසුගිය දෙසැම්බර් මස 02 වනදා වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
මේ අතර, ඊයේ (10) දිනය වනවිට Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක මුදලක් ලැබී තිබුණි.
