2026 අයවැය පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අයවැයක් - මහා පරිමාණ ව්‍යාපාරිකයින් කියයි
November 8, 2025 01:30 pm
2026 අයවැය, පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අයවැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි.
2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙමගින් නව ආයෝජන සඳහා පිවිසීමට පෞද්ගලික අංශයට විශ්වාසය ගොඩනැගී ඇති බවය.
2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාව ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැත්වුණි.
ඒ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන්ය.
එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
"විවිධ වූ ප්රවේශයන් හරහා ව්‍යාපාර වර්ධනයවීමට සහ වඩාත් ලාභදායීවීමට ඔවුන්ට විශ්වාසය ලබාදීම රජයේ අරමුණවනවා. ඩිජිටල්කරණය, දූෂණයට ඉඩක් ලබානොදීම එවන් ප්‍රවේශ කිහිපයක්. මම හිතනවා මෙම ප්‍රවේශ දැනටමත් ප්රතිලාභ ලබාදී තිබෙනවා කියලා. මෙමගින් වඩා හොඳ ඒකාබද්ධතාවයක්, පද්ධති හරහා අඩු කාන්දුවීම් සහ සියලුදෙනාට සහභාගී විය හැකි ගමනක් නිර්මාණයකර දෙනවා. මෙම ප්‍රවේශ අඩු අවදානමක් දරමින් වැඩි ආදායම් රැස්කර දෙනවා. පද්ධතිය සඳහා වගේම ව්‍යාපාර සඳහා සහ ජනතාවට වැඩි පීඩනයක් ලබා නොදෙමින් මෙම කර්තව්‍ය සිදුවනවා. මේ සම්බන්ධයෙන් අපිට ඇත්තේ දැඩි විශ්වාසයක්. 2026දී අපේ අරමුණු ඉටුකරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා."
2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ, "අපි විශ්වාසයෙන් යුතුව කියනවා අපි පිරිසිදු දේශපාලනයක් පවත්වාගෙන යනවා කියලා. මේ අයවැය සකස් කිරීමේදී පවා අපි මේ මූලධර්ම අනුගමනය කළා. දෙවැනි වැදගත් කාරණය තමයි ගුණාත්මක හා ප්‍රමාණාත්මක සාධක ගුණාත්මක සාධක හරිම වැදගත්. අපි කිසිවෙකුවත් අත්හැරලා නැහැ. සියලුදෙනා එක්ව එක් අරමුණක් සපුරා ගැනීම සඳහා මෙන්ම එහි ප්රතිලාභ පොදුවේ භුක්තිවිදීමට හැකියි කියන හැඟීම මෙමගින් ඇතිවන බැවින් මම හිතනවා එය වැදගත් සාධකයක් කියලා." යනුවෙනි.
2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා,
"වසර ගණනාවකට පසුව අපි දකිනවා අඩු උද්ධමනකාරී තත්ත්වයක්, කාලයක් පුරාවට පවතින අඩු පොලී අනුපාත තත්ත්වයක්. කාලයත් සමඟ පෞද්ගලික අංශයේ වැඩිවන මේ විශ්වාසය මෙරටට හොඳ වෙනසක් සිදුකරනු ඇති. මෙවර අයවැයේ තිබෙන වැදගත්ම සාධකයවනුයේ අපි ආර්ථික විනය පවත්වාගෙන යෑමයි. මෙම විනය පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වන හෝ සාර්ථක වන ආකාරය කෙරෙහි බෙහෙවින් බලපානු ඇත."
