හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියෙකු CID අත්අඩංගුවට
September 18, 2025 04:40 pm
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.