ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්
September 18, 2025 05:21 pm
ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබේ.
ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තාවී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ භූ කම්පනය වාර්තාවී ඇත්තේ අද (18) සවස 4:06ට පමණ බවය.
මෙම භූ කම්පනය මෙරට සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇති බවද එම කාර්යාංශය සඳහන් කළේය.
මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවිකර තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවය.