ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රවල නිෂ්පාදකයින් සමග පූර්ව අයවැය සාකච්ඡාවක්
September 18, 2025 05:26 pm
ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබා දෙන බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම එම ක්ෂේත්‍රවල පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉදිරි අයවැය සකස් කිරීමේදී එම සියලු යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත්, ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය.