මෙරට තරුණ කාන්තා දේශපාලනය දිරි ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්
September 18, 2025 03:58 pm
මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරි ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී මෙරට තරුණ කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සමාජ ස්ථර අතර සංවාදයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංසදයේ සභාපති වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එමෙන්ම මෙම රැස්වීමට ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ටස්ට්මිනිස්ටර් පදනමේ (Westminster Foundation for Democracy) නියෝජිතයන් සහ නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) නියෝජිතයින් ද සහභාගී වී තිබේ.
කමිටුවේදී අදහස් දක්වමින් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී නීති සම්පාදනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවීය අයවැයකරණය හඳුන්වා දීම මෙන්ම ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහය ලබා දීමට සිය පදනමට හැකි බවය.
එමෙන්ම, මෙරට පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී පාර්ලිමේන්තුවක් බවට පත් කිරීම සඳහා පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය සහයන් ලබා දීමටත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙහිදී සිය එකඟතාවය පළ කර තිබේ.