ආසියානු කුසලානයේ රටවල් 3ක් බලා සිටින තීරණාත්මක තරගය අද
September 18, 2025 10:38 am
ආසියානු කුසලාන 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය අද රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ බී කාණ්ඩය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවේ.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබයි.
ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමවලට එම අවස්ථාව හිමි වේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට අඩු ලකුණු සංඛ්‍යාවකින් හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පරාජයට පත්වුවහොත් දෙවන වටයට සුදුසුකම් ලබන්නේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම යි.