එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ ජිනීවා උද්ඝෝෂණට යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය
September 17, 2025 08:29 pm
එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් කාර්යාලය ඉදිරිපිට දී අද (17) පැවැත් වූ දැවැන්ත උද්ඝෝෂණයට විරෝධය පලකිරීමට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවක් වන 'අරියකම්මට්ඨාන' සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ ඔවුන් එම සංවිධානයේ නියෝජිත පිරිසක් හමුව සිය විරෝධය පළකර ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ සීහෙල මුල්වාසි උරුමය නැවත ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කරන ලෙස එම සංවිධානයේ සභාපති පූජ්‍ය කේ. අරියමග්ග හිමියන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කිරීම පිළිබඳ යෝජනාව පිළිගත් එම සංවිධානයේ නියෝජිතයන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට මානව හිමිකම් කොමිසම වෙත දන්වා ඇත.
එමෙන්ම කේ. අරියමග්ග හිමියන් මේ පිළිබඳව සැප්තැම්බර් මස 19 වන සිකුරාදා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් සැසිය අමතා වැඩිදුර කරුණු දැක්වීමට නියමිතය.
පසුගිය යුධ සමය තුළ මානව හිමිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් අදාළ දැවැන්ත උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි.