එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට හදිසි දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට හදිසි දැනුම්දීමක්

February 12, 2024   09:26 am

අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බවය.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව සිදුකළ අනතුරු ඇඟවීම් අනුව මෙම ක්‍රියාමාර්ග අරගෙන ඇති බව සඳහන් වේ.

එළිමහනේ වැඩකටයුතු සිදුකිරීමට අවශ්‍ය නම් වෘත්තීයයන් සිදුකරන පිරිසට සෞඛ්‍ය ආරක්‍ෂිත පිළි‍වෙත්වලට අනුකූල සේවකයන් යෙදවීමට සමාගම් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට එරට රජය විසින් නිවේදය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි, සාජා, ෆුජයිරා, අජ්මාන් සහ රාස් අල් කයිමා යන ප්‍රදේශවලට ඊයේ  (11) තද සුළං, අකුණු සහ ගිගුරුම් සහිත වැසි වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් පාසල් සිසුන්ට ‍මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද නිවසේ සිට අධ්‍යනය කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇත.