ඩයනාගේ කබායකට ඩොලර් මිලියනයක්

ඩයනාගේ කබායකට ඩොලර් මිලියනයක්

September 20, 2023   09:53 am

වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ.

එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය.‍

මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි.

සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය.

මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය.

එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ.

ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව ඇත්තේ "Black Sheep Sweater" ලෙසය.

එය බ්‍රිතාන්‍යයේ Warm And Wonderful  සමාගමේ නිෂ්පාදනයකි.

ඩයනා කුමරිය පළමු වරට මෙම කබාය පැළඳ ඇත්තේ චාල්ස් කුමරු ක්‍රීඩා කළ පෝලෝ තරගයක් නැරඹීමට එක් වූ අවස්ථාවේ දී බව වාර්තාවල සඳහන්ය.

ඒ 1981 වසරේ ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍යයට මසකට පෙරදී ය.

මෙම කබාය ඩයනා කුමරිය වඩාත් ප්‍රිය කරන කබායක් ලෙස සැළකෙන අතර ඇය එය පැළඳ පෙනී සිටි ඡායාරූප රැසක් ඇතැයි සඳහන්ය.

කාබයට සිදු වූ යම් හානියක් හේතුවෙන් එය නැවත සකසා දෙන ලෙස ඉල්ලා ඩයනා කුමරියේ පුද්ගලික ලේකම් ලෙස සිටි ඔලිවර් එවර්රට් Warm And Wonderful සමාගම වෙත ලිපියක් යැවූ බව ද සඳහන්ය.

එම ඉල්ලීමට ගරු කරමින් ඔවුන් කුමරියට නව කබායක් එවූ බව ද වාර්තාවල සඳහන් වේ.