එකම පවුලේ මව, පියා සහ දියණිය රෝහලට යැවූ බිහිසුණු අනතුර (CCTV)

එකම පවුලේ මව, පියා සහ දියණිය රෝහලට යැවූ බිහිසුණු අනතුර (CCTV)

January 13, 2022   12:37 pm

කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද (13) පෙරවරුවේ අනතුරට ලක්වෙන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගොස් විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්වෙන අයුරු එහි දැක්වේ.

අනතුරින් එහි ගමන්ගත් මව සහ දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස සිටි පියා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හොරණ සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.