කොමියුනිස්ට් පක්ෂ සභාපති ධූරය ගැන අධිකරණ නියෝගයක්

කොමියුනිස්ට් පක්ෂ සභාපති ධූරය ගැන අධිකරණ නියෝගයක්

October 29, 2021   02:35 pm

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය මගින් එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වාරණය කර තිබේ.

දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් පසුගිය 24 වනදා ඉවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී එම තීරණය ගෙන තිබුණි.

ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි.

පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පසුගියදා රාජා කොල්ලුරේ මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහුව පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කළේ එම ප්‍රකාශය නිසා බවය.