තරුණ අයියයි නංගියි පරෙයියන් ඇල්ලේ ගිලී මරුට
August 2, 2021 01:50 pm
මොනරාගල පරෙයියන් ඇල්ලේ ගිලී එකම පවුලේ අයියා සහ නංගී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
අප වාර්තාකරු පැවසුවේ 23 හැවිරිදි එම තරුණිය පරෙයියන් ඇල්ලට ලිස්සා වැටි ඇති අතර ඇයව බේරා ගැනීමට ඇයගේ අයියා ජලයට පැන ඇති බවය.
නමුත් ඒ අවස්ථාවේදී දෙදෙනාම මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් සහ 30 හැවිරිදි ඇයගේ සහෝදරයාය.
අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ල නැරඹීමට සහ එහි දියනෑමට ඊයේ (01) පස්වරුවේ ගොස් ඇත.