ඩෙල්ටා ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට ගියේ ශ්‍රී ලාංකාවෙන් නොවෙයි -වෛද්‍ය ජීවන්දර
June 10, 2021 05:10 pm
ඔස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවරින් පසුගිය දා හමුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයෙකුගෙන් සම්ප්‍රේෂණය වී ඇති බව එරට බලධාරීන් පැවසීය.
නමුත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ, එම ගුවන් මගියා ශ්‍රී ලංකාව හරහා (Transit passenger)මෙල්බර්න් නුවරට ගිය පුද්ගලයෙකු බවය.
එම පුද්ගලයා ලංකාව තුළට කිසිදු අවස්ථාවක ඇතුළුවී නොමැති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියාසිටියේය.
එනිසා එම පුද්ගලයා ලංකාවේ සමාජයෙන් වාර්තා වු පුද්ගලයෙකු නොවන බව වෛද්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.
