අනුරාධපුරයේ වෙඩි තැබීමක්
May 6, 2021 07:47 am
අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
අද උදෑසන 6.45ට පමණ එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් නියෝජිතයෙකු පැමිණ ඇති බව සඳහන්ය.
එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ මුදල් තොගය පැහැරගෙන යෑමට උත්සහ දරා තිබේ.
එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර පොර බැදීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අතරතුර පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු තුවාල ලබා තිබේ.
තුවාල ලැබු පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද අනුරාධපුර පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් කොල්ලකරුවන්ට මුදල් තොගය රැගෙන යෑමට නොහැකි වී ඇති අතර ඔවුන් පැමිණි යතුරුපැදියෙන් පළාගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.