පුරන්වූ කුඹුරුවල පොල්, කුරුඳු වැනි බෝග වගාකිරීමට අවසර

පුරන්වූ කුඹුරුවල පොල්, කුරුඳු වැනි බෝග වගාකිරීමට අවසර

April 1, 2021   04:34 pm

වසර 5කට වඩා පැරණි පුරන් වූ කුඹුරුවල වගාකිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නිල වශයෙන් අවසරය ලබාදී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

අද (01) කෑගල්ල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසා සිටියේ, එලෙස පුරන් වූ කුඹුරුවල පොල් සහ කුරුඳු ඇතුළු බෝග වගාකිරීම සඳහා අවසරය දී ඇති බවය.  

ඒ අනුව, පුරන් වූ කුඹුරු පුරවන්නේ නොමැතිව ඇලි වැට ක්‍රමයට පොල් වගාව සිදුකිරීමටද අවශ්‍ය නීතිමය අවරසය ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.