ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
February 10, 2025 12:27 pm
ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මේ වන විට මාර්ගගතව සහ කවුන්ටර හරහා අලෙවි කකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව, www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට්පත් මිලදී ගත හැකිය.
එමෙන්ම එක්දින තරගාවලිය අවසන් වන තෙක් තරග දිනවල පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරය විවෘතව පවතී.
තරඟ දෙකකින් යුතු ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලියේ පළමු තරඟය පෙබරවාරි 12 වැනිදා සහ දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරඟ දෙකම දිවා තරඟ ලෙසින් පැවැත්වෙන අතර තරඟ දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ප්‍රවේශපත්‍ර මිල ගණන් පහතින් දැක්වේ.