තුන් හැවිරිදි දැරිය ගෙල සිරකර ඝාතනය කළ සැකකාරිය අත්අඩංගුවට
November 20, 2019 12:27 pm
ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කළ කාන්තාව මානසික රෝගයකින් පෙළන තැනැත්තියක් බවට සැකකරන බව පොලීසය පවසයි.
ඊයේ(19) ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරියක් ඝාතනය කර තිබේ.
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.
අදාල දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති බැවින් ඇය දහවල් කාලය මිත්තනිය සමඟ ගත කරන අතර එම කාලයේ සෑම දිනකම අදාල දියණිය අසල්වාසී නිවසකට රැගෙන යන බවට පොලීසිය සිදු කළ විමර්ශවලදී අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.
පොලිසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී පොහොර උරයක දමා ගැට ගසා නිවස අසල තිබූ ළිඳක සිටියදී දැරියගේ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03යි මාස 04ක් වයසැති කුඩා දැරියකි.
අසල්වැසි 22 හැවිරිදි කාන්තාවක විසින් ගෙල සිරකිරිමෙන් ඝාතනය සිදු කර ඇති බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබේ.
මෙම සැකකාර කන්තාව අද අධකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.