ලක් පොළොවේ රන් නිධියක් ඇති බවට සහතිකයක්
October 15, 2019 01:27 pm
සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි.
ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පවසා සිටියේ මෙම රත්රන් නිධියට නව ආර්ථික වටිනාකමක් එක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකා පොළොවේ රත්‍රං ඇති බවට සහතික කළ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසයා සිටියේ සේරුවාවිල ආශ්‍රීත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් සියයක පමණ වපරිසරයක හා දිග කිලෝමීටර් 5ක පමණ ප්‍රමාණයක රත්‍රං ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇති බවයි.