අරුවක්කාලු කසල අංගනයට පරිසර අනුමැතියක් නෑ-දියසේන හිමි

අරුවක්කාලු කසල අංගනයට පරිසර අනුමැතියක් නෑ-දියසේන හිමි

August 11, 2019   01:22 pm

වත්තල, කෙරවලපිටිය, කසල අංගනය වසා දැමිම හේතුවෙන් මේ වන විට කොළඹ සහ තඳාසන්න ප්‍රදේශවල එක්රැස්වන කැලිකසල පුත්තලම අරුවක්කාලු කසල අංගනයට බැහැර කෙරෙමින් පවති.

නමුත් පුත්තලම අරුවක්කාලු කසල අංගනයට කසල බැහැර කිරිමට විරෝධය පළ කරමින් පුත්තලම මහජන නියෝජිතයින් හා ප්‍රදේශවාසින් එක්ව පුත්තලම නගර සභවේ දි මා‍ධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේයත
 
එම මාධ්‍ය හමුව සදහා එක්වෙමින් කල්පිටිය සමුද්‍රාසන්න විහාරයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමි සදහන් ක‍‍‍‍ළේ මෙම කසල ව්‍යාපෘතිය සඳහා කිසිඳු පරිසර අනුමැතියක් ලබාගෙන නොමැති බවයි.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කලේ මෙම කසල බැහැර කිරිම තුළින් සෙරුවක්කුලිය ධීවර ගම්මානයට බලපෑම් එල්ල වන බවයි.  

 කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් අද දෙරණ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළ අතර එහිදි ඔහු පැවසුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියළුම ආකාරයට අනුමැති ලබා තිබේන බවයි.