සා/පෙළ පළමු ස්ථානය විශාඛාවට
March 29, 2019 01:04 pm
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ “නිලක්නා දිසිවරී වරුෂවිතාන” ශිෂ්‍යාවට හිමිව තිබේ.
මෙවර දෙවන ස්ථානය සිසුවියන් තිදෙනෙකුට හිමිව තිබීම විශේෂත්වයක්.
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල ඊයේ රාත්‍රියේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත නිකුත් කෙරුණි.
ඒ අනුව මෙවර දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ “නිලක්නා දිසිවරී වරුෂවිතාන” ශිෂ්‍යාව හිමිකර ගෙන තිබේ.
එමෙන්ම දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත් සිසුවියන් තිදෙනා අතරට එම විද්‍යාලයේම ගරසිංහ ආරච්චිගේ සවිති හංසඳී ශිෂ්‍යාවද ඇතුළත් වෙයි.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන ස්ථානය හිමිකරගත් සිසුවියන් තිදෙනා අතර සිටින තවත් ශිෂ්‍යාවක් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි.
මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා ශිෂ්‍යාව දෙවන ස්ථානය හිමිකරගත් අනෙක් ශිෂ්‍යාවයි.
මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනූව කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි ශිෂ්‍යාව දිවයිනේ 5 වැනි ස්ථානයට පත්විය.
මේ අතර හයවන ස්ථාන සඳහා සිසු සිසුවියන් පස්දෙනෙකු පත්ව සිටියි.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසංක සමරකෝන් සහ කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ සහ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ හිමාෂි එරන්දිකා සමරසිංපතිරණ එම සිසු සිසුවියන් වෙයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් පන්ලක්ෂ දහඅටදහස් එකසිය අසු හතරක් පෙනී සිටියේය.
ඒ අතරින් සිසුන් සියයට 71.66ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති අතර විභාගයේදී A 9 බැඟින් ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9413ක්.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාගය සමත්වූ සිසුන් අතරින් සියයයට 64.11ක් ගණිතය විෂය සමත්ව ඇති බවයි .
වැඩිම ප්‍රතිශතයක් විභාගය සමත් වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේයී.
මේ අතර විභාගය සම්බන්ධ පැමිණිලි 1315ක් ලැබී තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
තාක්ෂණික උපකරණ භාවිත කිරීම, විභාග වංචා සිදුකිරීම, විභාග නීති රීති උල්ලංඝනය යන කරුණු මත සිසුන් 1265 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ.
මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර අප්‍රේල් 12වන දිනට පෙර යොමු කළ යුතු වෙයි.
